Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බුත්තල – කතරගම පාරේදී බස් රථයකට වනඅලි ප්‍රහාරයක්! 10ක් රෝහලට!

45 minutes ago

කතරගම – බුත්තල මාර්ගයේදී වනඅලියෙකු පෞද්ගලික බස් රථයකට ප#රදීම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අද (03) පෙරවරු 11:00ට පමණ කතරගම පොලිස් වසමේ විදුලි වැට මුරපොළ ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.

හලාවත ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 40 දෙනෙකු පමණ ගමන් කර තිබේ.

අනතුරින් තුවාල ලැබූ 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *