රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා වෙත නිකුත් කරන ලද නියෝගයකට අනුව මෙම ඉදිරිපත් කිරීම සිදු කෙරේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන්යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූයේ යැයි කියන මූල්‍ය අක්රමිකතාවලට අදාළ මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස මන්ත්‍රීවරයාව නම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.
අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගේ උපදෙස් මත, එයාර් බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට අල්ලස් කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙන්ම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවල ද සැකකරුවෙකු ලෙස නම් කර ඇත.

එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
ශිරන්ති රාජපක්ෂ රටින් පිටව යයි
පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය පිළිබඳව දැනුම්දීමක්
ඩෙංගු නැවතත් හිස එසවීමේ අවදානමක්
හෙල්ල 5කට හානිවීම ගැන රුමේෂ්ගේ පියා හඬ අවදි කරයි
රොහාන් ඕලුගලගේ උපාය දූතයා ඝාතනයට සැලසුම් කළ “මධුවා” ඇතුළු තිදෙනෙකු කොටුකර ගත් මෙහෙයුම
මෙරට ආර්ථික වර්ධනය ගැන ඇසෙන අලුත්ම පුවත
පාසල් සිසුන් දෙදෙනෙක් බිලිගත් දෙහිවල බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ගේ පාපොච්චාරණය
දුම්රිය සේවයට තවත් එන්ජින් රියදුරු සහායකයින් 100 ක් බඳවා ගැනේ
හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්