Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට

1 minute ago

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකු වාර්තාවක සඳහන් වනුයේ එය පසුගිය 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරන බවය.

පසුගිය 2025 අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක් ලැබී තිබුණි.

මේ අතර ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේශණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,131ක් බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

එයද පසුගිය වර්ෂයේ එම කාලයට සාපේක්ෂව වර්ධනයක් වන අතර පසුගිය 2025 කාලයේ මුල් මාස 8 සඳහා ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,116ක් බවද මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *