ගාල්ල, මාතර, බස්නාහිර, වයඹ, සබරගමුව, මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්ක ඇතුළත් තෙත් කලාපයේ ප්‍රදේශ රැසකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් තවදුරටත් අවදානම් මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ අද උදෑසන වන විට කැලණි ගඟේ ඉහළ ප්‍රදේශවලට මිලිමීටර් 100ත් 125ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති අතර, අනෙකුත් ගංගා ද්‍රෝණි බොහොමයකට පසුගිය පැය 24 තුළ මිලිමීටර් 50ත් 80ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
ඉහළ ප්‍රදේශවලට ලැබුණු මිලිමීටර් 200 ඉක්මවූ අධික වර්ෂාපතනය නිසා බද්දේගම, උඩුගම, අකුරැස්ස සහ තල්ගහගොඩ යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක අවදානමක් පවතී.
කුඩා ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ ගොස් සුළු ගංවතුර මට්ටමකට ආසන්නව පවතියි.
හංවැල්ල, ග්ලෙන්කෝස් සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ අගයක පවතී.
නාවලපිටිය, පේරාදෙණිය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් අඩුවෙමින් පැවතුණද තවදුරටත් අවදානම් මට්ටමට ආසන්නව පවතියි.
වියළි කලාපයේ පිහිටි ජලාශවලට අධික වැසි නොලැබීම නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජලාශවල සමස්ත ධාරිතාව මේ වන විට සියයට 34ත් 35ත් අතර ප්‍රමාණයක පවතින නමුත්, මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණියට ලැබුණු වැසි නිසා කොත්මලේ සහ පොල්ගොල්ල ජලාශවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
ජලයෙන් යටවූ ප්‍රදේශවල ජල ක්‍රීඩාවල යෙදීම හෝ වෙනත් කටයුතු සඳහා පිවිසීමෙන් වළකින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 69කට සීමා වෙයි! රන් පදක්කම ඉන්දියාවට!
පොලිස් අණ නොතකා පලාගිය සුඛෝභෝගී රථයට වෙඩි තබා අල්ලයි! මත්ද්‍රව්‍ය සමග රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට!
ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර ඇගයීමක්! ෆිච් ආයතනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
රන් මිල පහළට
ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්
22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි
ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක්! කාලගුණයේ නවතම නිවේදනය මෙන්න!