වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් වී අදට (21) වසර දෙකක් සම්පුර්ණ වනවා.
2024 සැප්තැම්බර් 21 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළ අතර ඉන්පසුව ඔහු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා.
එම මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5,634,915ක් එනම් 42.31%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජනාධිපති ධුරයට පත් වූවා.
ඒ ජයග්‍රහණයෙන් පසු 2024 සැප්තැම්බර් 23 වනදා අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අතර ඉන් අනතුරුව ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කරමින් සැප්තැම්බර් 24 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත්තා.
ඉන්පසු 2024 නොවැම්බර් 14 වනදා පැවැත්වුණු 10 වන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වුණා.
එහිදී එම පක්ෂය මුළු ඡන්ද 6,863,186ක් ලබාගනිමින් මන්ත්‍රී ආසන 159ක් එනම් ඡන්ද කොට්ඨාස මගින් ආසන 141ක් සහ ජාතික ලැයිස්තු ආසන 18ක් දිනා ගත්තා.
මෙය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ එක් පක්ෂයක් ලබාගත් විශාලතම බහුතර ආසන සංඛ්‍යාව සහ වැඩිම ඡන්ද ප්‍රතිශතය වනවා.

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති
රටම බලා සිටින තීරණාත්මක නඩු තීන්දුවක් හෙට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි! 10කට වැඩි පිරිසක් රෝහලට!
හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්