පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ අද (26) අලුයම 4:00ට පමණ සිදුවූ ගෑස් සිලින්ඩර පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.
පිපිරීමෙන් රෝහල් ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදුවී ඇති අතර, තුවාල ලබා ඇත්තේ අදාළ වේලාවේ මුළුතැන්ගෙයි සේවයේ නියුතුව සිටි රෝහල් සේවකයින් පිරිසකි.
තුවාල ලැබූ සේවකයින් 7 දෙනා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පිපිරීමෙන් වකුගඩු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට හෝ එහි සේවයේ නියුතු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට කිසිදු අනතුරක් සිදුවී නොමැත.
නේවාසිකව සිටි රෝගීන්ව අලුයම සෞඛ්‍ය කාර්යමණ්ඩලය මැදිහත්වී සුරක්ෂිතව රෝහලෙන් පිටතට ගෙන, අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර තිබේ.

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
අද කාලගුණ නිවේදනය
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දෙති
අදට යෙදෙන බිනර පොහොයෙහි ඇති වැදගත්කම
ලංකා බැංකුවෙන් විශේෂ නිවේදනයක්! පාරිභෝගිකයන්ට විශේෂ පැහැදිලි කිරීමක්!
ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදුවල වෙනසක්
චාමර සම්පත්ගේ ලේකම් යළි රිමාන්ඩ්
ශිරාන් බාසික්ගේ පියා යළි රිමාන්ඩ්
22ට කථානායකවරයාගේ සහතිකය
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්න්දයෙන් සම්මතයි
නොවැම්බර් 1 වැනිදා සිට සේවා රැසකට TIN සහතිකය අනිවාර්ය කෙරේ
ග්‍රාම නිලධාරීවරයෙකුට පැනවූ බරපතළ වැඩ සහිත වසර 05 ක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි