ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ඥාානාංග ගුණවර්ධන මහතා අද (4) අභාවප්‍රාප්ත විය.
කළා විභූෂණ සම්මාන ලාභී රංගන ශිල්පියෙක් වන ගුණවර්ධන මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 78 වැනි වියේ පසුවිය.
දේහය හෙට (05) උදේ 9.00 ට කොළඹ කනත්ත ඉදිරිපිට ජයරත්න මල් ශාලාවේ පහත මාලයේ තැන්පත් කර න අතර පසු දා (06) සවස 3.00 ට බොරැල්ල මහ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකෙරේ.
නාලනී ගුණවර්ධන මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ඥාානාංග ගුණවර්ධන මහතා යුරේන්ද්‍ර ගුණවර්ධන සහ ඉසුරුවර ගුණවර්ධන යන පුතුන් දෙදෙනාගේ සහ චතුරිකා ගුණවර්ධන දියණියගේ පියාණන් වේ.
ටෙලිනාට්‍ය දහසකට අධික සංඛ්‍යාවකට සහ චිත්‍රපට 100 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඥාානාංග ගුණවර්ධන මහතා ‘නෝනාවරුනේ මහත්වරුනේ, තට්ටු ගෙවල් සහ පුංචි වළව්ව’ යන ටෙලිනාට්‍යවලින් විශාල ජනප්‍රියත්වයක් ලැබීය.


මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්
නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි