එළඹෙන ඇෆ්ගනිස්ථාන සහ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරඟ වටය සඳහා සහභාගීවන තිස් දෙදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මුලික සංචිතය මේවන විට නම් කර තිබෙන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග මඟින් වාර්තා වනවා.
ඇෆ්ගනිස්ථානය සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන මස 2,4, සහ 7 වැනිදා හම්බන්තොට දී පැවැත්වීමට නියමිත අතර එක්දින ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටය සිම්බාබ්වේ දේශයේ දී ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන මස 18 වැනිදායි.
ඒ අනුව ශ්‍රී ලංකා මුලික සංචිතයෙන් ක්‍රීඩකයින් 15ක් හෝ 17 දෙනෙකු අවසන් සංචිතයට නම් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් විසින් සැලසුම් කර ඇත්තේ.
මේ අතර ආබාධයන් හේතුවෙන් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි දුෂ්මන්ත චමීර ඇෆ්ගනිස්ථාන තරගාවලියේ සිට යළි ජගත් ක්‍රිකට් පිටියට පැමිණීමට සූදානම් වනවා.චමීර 2022 ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ දී ආබාධයකට ගොදුරු වූ අතර ඒ අනුව ඔහු මාස 8කට පසුවයි යළි ජගත් ක්‍රිකට් පිටියට පැමිණෙන්නේ.
ආබාධය සුව වීමෙන් අනතුරුව පසුගිය නවසීලන්ත පන්දුවාර 20 තරගාවලියට ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා ද ඇෆ්ගනිස්ථාන තරගාවලියේ සිට යළි එක්දින පිටියට පැමිණෙන්නට සැලසුම් කර තිබෙන අතර ඔහු වසර දෙකට ආසන්න කාලයකින් ජගත් එක්දින තරඟයක් ක්‍රීඩා කර නොමැතිවීමත් කැපී පෙනෙනවා.
කුසල් ජනිත් අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කළේ 2021 වසරේ ජුලි මාසයේදීයි.


අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !