Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

sri lanka police

වලියක් බේරන්න ගිහින් පොලිසිය ගුටිකාලා

3 years ago

වීරවිල සත්ව ගොවිපොළ භූමියේ පෙරේදා (12) පැවැති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපිරිසක් අතර හටගත් ගැටුම සමථයකට පත් කිරීමට ගිය වීරවිල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිසියේ තිදෙනකුට පහරදී තිබෙනවා.

මෙම ගැටුමෙන් ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දස දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම සැකකරුවන් අතර නාවික හමුදා සෙබළකු ද සිටි බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සිද්ධිය දැනුම් දීමත් සමගම පොලිස් කණ්ඩායමක් පැමිණ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *