මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සහ ඩබ්ලිව්.ඒ.ඒ.ධර්මසිරි යන අයට එරෙහිව මොරටුව ගරු දිසා අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් අද (16) දින නිකුත් කරන ලදී.
ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සම්බන්ධයෙන් අසත්‍ය සහ අපහාසාත්මක කරුණු ප්‍රචාරය කරමින් ද්වේශසහගත ලෙස ඔහුගේ කීර්ති නාමයට හානිපමුණුවා ඇතැයි ප්‍රකාශ කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් පවත්වාගෙන යනු ලබන “truth with Chamuditha” යූ ටියුබ් චැනලය ඔස්සේ ඩබ්ලිව්.ඒ.ඒ.ධර්මසිරි යන අය විසින් සිදුකර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා විත්තිකරුවන් කරමින් රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා මොරටුව ගරු දිසා අධිකරණයේ පවරා ඇති නඩුව අද දින කරුණු තහවුරු කිරීම සඳහා කැඳවීමෙන් අනතුරුව මෙම වාරණ නියෝග නිකුත් කර ඇත.
ඒ අනුව පළමු විත්තිකාර චමුදිත සමරවික්‍රම සිය “truth with Chamuditha” යූ ටියුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන කුමන හෝ ආකාරයක වැඩසටහනකින් හෝ වෙනත් මාධ්‍යයකින් පැමිණිලිකරු සම්බන්ධයෙන් මොනයම් හෝ අසත්‍ය සහ වැරදි කරුණු ගෙනහැර දක්වමින් ඔහුගේ කීර්ති නාමයට හානියක් වන පරිදි ද්වේශසහගත ප්‍රකාශයන් ප්‍රචාරය කිරීම වළක්වාලමින් ඔවුන් දෙදෙනාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර ඇත.


ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ