මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පියෙකු සහ පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම පියා තම පුතා සමග මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී ජීප් රථයක ගැටී ඊයේ (16) රාත්‍රී 8.00 පමණ එම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු පැවසීය.
අනතුර සිදුව අවස්ථාවේදී අදාළ ජීප් රථය පදවා ඇත්තේ, මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු බව වාර්තා වෙයි.
අනතුරින් මියගොස් ඇත්තේ බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පදිංචිව සිටි 41ක් හැවිරිදි චන්ද්‍රික සම්පත් රුද්‍රිගු සහ ඔහුගේ පුතා වූ 11 හැවිරිදි විමන්ත රුද්‍රිගු යන දෙදෙනෙකි.
අනතුර සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ