මනාලියගෙන් දෑවැද්ද ඉල්ලූ මනාලයෙක් මංගල දිනය දා ගස් බැඳීමේ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
මනාලියගේ පවුල් අය විසින් මනාලයා මෙලෙස ගස් බැඳ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.
පසුගිය 14 වනදා පැවැති මංගල උත්සවය අවස්ථාවේ දී මනාලයාගේ මිතුරෙකු විසින් ආරවුලක් ඇති කර ඇති අතර, එහිදී එය පවුල් දෙක අතර ගැටුමක් බවට පත්ව තිබෙනවා.
එම අවස්ථාවේ දී මනාලිය සහ මනාලයා මල්මාලා හුවමාරු කරගැනීමට පෙර මනාලයා විසින් දෑවැද්ද ඉල්ලා සිටීමත් සමඟ ගැටුම තවත් තීව්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී කෝපයට පත් මනාලියගේ පාර්ශ්වයෙන් උත්සවයට සහභාගී වී සිටි පිරිස විසින් මනාලයාව අල්ලා මෙලෙස ගස් බැඳ ඇති බව සඳහන්.
අනතුරුව එම ස්ථානයට පොලිසිය පැමිණීමෙන් පසු පැය කිහිපයක් ගස් බැඳ සිටි මනාලයාව මුදාගැනීමට කටයුතු කර ඇත.(dasathalankanews)


අද කාලගුණය
නේපාලයේ විපතින් දින හතරකට පසු සුන්බුන් අතරින් ජීවය ලැබු හත් හැවිරිදි දියණිය
22ට එරෙහිව මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙකුගෙන් පෙත්සමක්
හිටපු ඇමති රවී අද අල්ලස් කොමිසම හමුවට
කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්
ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල