අම්පාර, ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සමීපව ඇසුරුකළ එම සිසුවියන් දෙදෙනා 16හැවිරිදි වියේ පසුවන බව පොලීසිය සඳහන් කළේය.
එක් සිසුවියක් පාසල් යන බව පවසා පසුගිය 15 වනදා අනෙක් සිසුවියගේ නිවසට පැමිණ තිබේ.
ඒ අනුව, එදින උදෑසන පාසල් සිසුවියන් දෙදෙනා උපකාරක පන්තියකට යන බව පවසමින් නිවසින් පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් දැරියන් දෙදෙනා යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් එක් දැරියකගේ මිත්තණිය විසින් ඉගිනියාගල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, ඉගිනියාගල පොලීසිය මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
මේ අතර සිසුවියන් දෙදෙනා නිවසින් පිටත් වු දිනට පසු දින ඔවුන් වෙනත් මිතුරෙකුට දුරකතන ඇමතුමක් ලබාදෙමින් තමන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ සිටින බවට ප්‍රකාශ කර තිබේ.
පොලීසිය විසින් අදාළ දුරකතන ඇමතුම ඔස්සේ ද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර දුරකතන ඇමතුම ලබාදුන් මිතුරාගෙන්ද පොලීසිය ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව වාර්තා වෙයි.


ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ