නවගත්තේගම කොන්කඩවල වැවේ නෙළුම් මල් කැඩීමට ගිය එක් දරු පියෙකු පසුගිය 02 වනදා සවස දියේ ගිලී මරණයට පත්වී ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ, නවගත්තේගම කොන්කඩවල පදිංචි 60 හැවිරිදි තෙන්නකොන් මුදියන්සේලාගේ සිරිසේන නැමති එක් දරු පියෙකි.
තම එකම දරුවා වන 25 හැවිරිදි පුතා නිතර අපස්මාරය රෝගයට ගොඳුරු වන බැවින් ඒ සදහා දේශීය වෙද මහතෙක් විසින් සිදු කරනු ලබන ශාන්තිකර්මයක් සදහා අවශ්‍ය නෙළුම් මල් කැඩීමට මෙම පියා කොන්කඩවල වැවට ගොස් ඇති බවත් එහිදි මඩේ එරී දියේ ගිලී ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
මෙම ශාන්තිකර්මය සදහා නෙළුම් මල් පමණක් මෙම එක්දරු පියාට කැඩීමට සිදුව තිබු බවත් එම ප්‍රතිකාර සදහා අවශ්‍ය අනිකුත් දෑ හිතවතුන් හා ඥාතින් භාර ගෙන තිබු බවද පැවසේ.
අදාල තැනැත්තා පාපැදියකින් පැමිණ වැව ආසන්නයේ නිවසක පාපැදිය දමා ගොස් ඇති අතර සවස් වනතුරුත් නැවත නොපැමිණීම හේතුවෙන් ගම්වාසින් විසින් ඔහු පිලිබඳ සොයා බලා තිබේ.
ඒ අනුව, ප්‍රදේශවාසින් විසින් වැව පීරමින් අදාල පියා සොයන විට මඩේ එරී දියේ ගිලී මරණයට පත්ව සිටියදී සිරුර සොයා ගෙන තිබුණි.
සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම මූලික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබුණි.


ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ