එළඹෙන අගෝස්තු (01) දින සිට ගාලු කොටුව තුළ කැමරාකරණය සදහා ගාලු උරුමය පදනමේ ලියාපදිංචිය ඇති කැමරා ශිල්පීන්ට පමණක් අවස්ථාව ලබාදෙන බව ගාලු උරුමය පදනම සදහන් කරයි.
ගාල්ල කොටුව තුළ මංගල අවස්ථා, (Pre-shoot) ඇතුළු වෙනත් පෞද්ගලික උත්සව, වෘත්තීය මට්ටමින් නිශ්චල කැමරාකරණයේ යෙදීමේදී පුරාවස්තු වලට හානි වන අවස්ථා වාර්තා වී තිබෙන බව ගාලු උරුමය පදනම සදහන් කරයි.
එම නිසා ගාල්ල කොටුවේ පුරාවිද්‍යා උරුම ආරක්ෂා කරමින් ආගමික හා සංස්කෘතික අගයන්ට මෙන්ම ආර්ථික කටයුතු වලට බාධා හා අනිසි බලපෑම් ඇති නොවන පරිදි ගාල්ල කොටුවේ උරුම කළමනාකරණය පිළිබඳ ප්‍රධාන වගකීම ගාලු උරුමය පදනම වෙත පැවරී ඇත.
ඒ අනුව ගාල්ල කොටුව තුළ වෘත්තීය මට්ටමින් නිශ්චල ඡායාරූප ගතකිරීම සඳහා අවස්ථාව සලසාදීමට අදාල කැමරා ශිල්පීන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බවද ගාලු උරුමය පදනම සදහන් කරයි.


ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ