Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා පිලෙන් ලෝක වාර්තා ද්විත්වයක්

3 years ago

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ ශූරයින් බවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟ ප්‍රතිඵලයත් සමඟ නව ලෝක වාර්තා ද්විත්වයක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලදී ප්‍රතිවාදී කණ්ඩායමක් පිට පිටම අවස්ථා 10කදී ලකුණු 250කට වඩා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගනිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පැවති තරඟයේදි නෙදර්ලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 105කට දවා ගැනීමට සමත් වුණා.

මින් පෙර එම ලෝක වාර්තාව පාකිස්තාන කණ්ඩායම විසින් පිහිටුවා තිබුණි.

එමෙන්ම එක්දින තරග වලදී පිට පිට වැඩිම වරක් ප්‍රතිවාදී කඩුලු දහයම දවා ගත් ලෝක වාර්තාව සම කිරීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *