Toyota මෝටර් රථ දහස් ගණනක් නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් නැවත කැඳවීමට එම සමාගම තීරණය කර තිබේ.
මෙලෙස නැවත කැඳවීමට තීරණය කර ඇත්තේ Yaris වර්ගයේ මෝටර් රථ නිෂ්පාදන මාදිලි කිහිපයකි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එහිදී 2020 ත් 2023 ත් අතර නිෂ්පාදනය කර ඇති Toyota Yaris පෙට්‍රල් සහ hybrid වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවා ඇති බවය.
අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇතිවූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙලෙස එම රථ යළි කැඳවා ඇති බවය.
මේ අතර Toyota සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන පුද්ගලයින් සිටීනම් එම රථ පරීක්ෂාකරගැනීමක් සිදුකරගත යුතු බවය.
ආසන්න වශයෙන් එම වර්ගයේ මෝටර් රථ 7633කට ආසන්න ප්‍රමාණයකට ඉන් බලපෑමක් සිදුවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.


කෝටි 20ක කොටු වුණු සේදවත්ත කසුන්ගේ ගෝලයා
ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ගිලිහුණු 2027 ICC ශුරියන්ගේ කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම්
22වැනි සංශෝධනයේ පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් නොකිරීම ගැන CLA සභාපතිගේ කනස්සල්ල
ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු කුරුණෑගලින්
22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්! තීන්දුව කථානායකට!
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිතය නම් කෙරේ
ප්‍රවීණ සංගීතඥ විමලජිත් දොඹගහවත්ත අභාවප්‍රාප්ත වෙයි
ඇමති විජිත හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
ශම්මි සිල්වාට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්