ජපන් රජයේ ණය ආධාර මත අලුතින් ඉදිකර 2021 නොවැම්බර් මාසයේ විවෘත කරන ලද නව කැලණි පාලම අනතුරකට හෙළමින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන් රුපියල් කෝටි 28කට අධික වටිනාකමකින් යුත් තඹ කම්බි හා ඇණ මුරුච්චි ගලවාගෙන ගොස් ඇතැයි අනාවරණය වී තිබෙනවා.
කොන්ක්‍රීට් ආවරණ තුළ තිබූ තඹ කම්බි ගලවා ඇත්තේ කෝන්ක්‍රීට් ආවරණ රාත්‍රි කාලයේ හොර රහසේ කඩා දමමින් බවද අනාවරණය වී තිබේ.
දැනට අනාවරණය වී ඇති ආකාරයට රුපියල් මිලියන 286 එනම් රුපියල් කෝටි 28ක පමණ අලාභයක් මෙමගින් සිදුව ඇත.
එමෙන්ම මත්ද්‍රව්‍යවලට අබ්බැහි වූ පුද්ගලයින් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ අධි විදුලි ධාරාවන් සහිත විදුලි රැහැන් පවා කපාගෙන ගොස් ඇතැයිද ඒ හේතුවෙන් අධිවේගි මාර්ගයේ රාත්‍රියට විදුලි පහන් දැල්වීමට නොහැකි තත්ත්වයක් ඇති බවද අනාවරණය වී ඇත.
ජනපතිගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (11) රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී මෙම සියලු කරුණු අනාවරණය වී ඇත.
පොළවේ සිට සම්බන්ධ වන තඹ කේබල් කපාගෙන යාමෙන් නව කැලණි පාලම අනතුරක ඇතැයි තමාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ ජාතික ආරක්ෂාව පිළිබඳව ආන්ශික කාරක සභාවේදී හෙළි වූ බවත් ඒ අනුව වහාම ආරක්ෂාව තහවුරු කරන්නැයි වගකිවයුතු අංශවලට යොමුකළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවැසීය.
මෙම ප්‍රදේශය අධිආරක්ෂිත කලාපයක් කරන්නැයි ඔහු යෝජනා කර තිබේ.
මෙම කරුණු සලකා බලා නව කැලණි පාලම හා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සඳහා රක්නා ලංකා සමාගම වෙත පැවරීමට අවධානය යොමුකර ඇත.


නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට
UNICEF වෙතින් ළමුන් ගැන භයානක අනාවරණයක්
අද අව් – වැසි තත්ත්වය
පුද්ගලික ආරෝව වෙඩිල්ලකින් අවසන් වෙයි! දෙදෙනෙකුට තුවාල!
IMF කණ්ඩායමක් එළැඹෙන සතියේදී දිවයිනට
නව අභියාචනාධිකරණ විනිසුරු ලෙස සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි
අබුඩාබි නුවරින් පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු කටුනායකදී CID අත්අඩංගුවට
‘බටුවත්තේ චාමර’ගේ මිලියන ගණනක් වටිනා දේපළ රැසක් තහනම් කෙරේ!
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්
අධි වෝල්ටීයතා මාර්ග අසල සරුංගල් යැවීමෙන් වළකින ලෙස NSO වෙතින් හදිසි ඉල්ලීමක්!