Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

‘බටුවත්තේ චාමර’ගේ මිලියන ගණනක් වටිනා දේපළ රැසක් තහනම් කෙරේ!

38 minutes ago

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන, දැනට රැඳවුම් නියෝග මත පසුවන මනෝජ් සුරංග ලියනගේ හෙවත් ‘බටුවත්තේ චාමර’ නමැත්තාගේ සුඛෝපභෝගී වාහනයක් සහ රුපියල් ලක්ෂ 400ක් වටිනා තෙමහල් නිවසක් ඇතුළු දේපළ තහනම් කළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කාර්යාංශය අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ සැකකරු සංවිධානාත්මකව සිදුකරන ලද අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් මුදල්වලින් මෙම දේපළ උපයාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *