220kV සහ 132kV අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග යට, කුළුණු සහ ග්‍රිඩ් උපපොළවල් ආසන්නයේ හෝ ඒ අවට ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) පුද්ගලික සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර සිටියේ, සරුංගල් සහ ඒවායේ නූල් විදුලි සම්ප්‍රේෂණ මාර්ගවල පැටලීම හේතුවෙන් අවස්ථා ගණනාවකදීම සම්ප්‍රේෂණ මාර්ග ක්‍රියා විරහිත වීමේ සිදුවීම් වාර්තා වූ බවය.
මෙවැනි සිදුවීම් විදුලිදෝෂ ඇති කිරීමටත්, සම්ප්‍රේෂණ මාර්ග ස්වයංක්‍රීයව විසන්ධි වීමටත් හේතුවිය හැකි බවත් අදාළ නිවේදනයේ සඳහන්.
සම්ප්‍රේෂණ මාර්ගවල පැටලී ඇති සරුංගල් සහ නූල් ආරක්ෂිත හා පාලිත ක්‍රියාපටිපාටි යටතේ මේ වනවිට අතින් ඉවත් කිරීම් සිදුවන බව අදාළ සමාගම පවසයි.
එනිසා මෙවැනි සිදුවීම් ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවයට සහ ආරක්ෂාවට බරපතළ බලපෑම් ඇති කළ හැකි බවත්, විදුලි ජනන ඒකක ක්‍රියාවිරහිත වීමටද හේතු විය හැකිය.
මෙවැනි සිදුවීම් හේතුවෙන් ඊයේ (2) ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවයට බලපෑම් ඇති වූ බවත්, පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා හදිසි ක්‍රියාමාර්ගයක් ලෙස තෝරාගත් බෙදාහැරීමේ විදුලි පෝෂක කිහිපයක් විසන්ධි කිරීමට සිදුවූ බව අදාළ නිවේදනයේ දැක්වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස එම පෝෂකවලට සම්බන්ධව සිටි ඇතැම් පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇත.

අබුඩාබි නුවරින් පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු කටුනායකදී CID අත්අඩංගුවට
‘බටුවත්තේ චාමර’ගේ මිලියන ගණනක් වටිනා දේපළ රැසක් තහනම් කෙරේ!
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්
සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් 7 හැවිරිදි කුඩා දැරියකට අවාසනාවන්ත මරණයක්
චමරි අතපත්තුගෙන් ඓතිහාසික ක්‍රිකට් වාර්තාවක්! ලකුණු 5කට කඩුලු 7ක් සමඟ හැට්රික් එකක්!
පොලීසියට කට්ටි පැන්න කූඹිකැලේ චූටි’ගේ බිරිඳ හෙරොයින් සමඟ මාට්ටු
බුත්තල – කතරගම පාරේදී බස් රථයකට වනඅලි ප්‍රහාරයක්! 10ක් රෝහලට!
මෙරට ප්‍රථම සජීවීකරණ කාටූන් සිනමා නිර්මාණකරු දැයෙන් සමුගනී
ජාතික පාසල්වල ගුරු මාරු 11000ක් නවතී
සිසුන් 56,000ක් ශිෂ්‍යත්ව කඩඉම පැනලා
නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑග්ග