ජනමාධ්‍යයන් වෙත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය අද (25) දිනය තුළ හකුලා නොගන්නේ නම් සෞඛ්‍ය සියලු වෘත්තිය සමිති වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
අදාළ චක්‍රලේඛය වහා හකුලාගන්නා ලෙස බල කරමින්, මර්දනයට එරෙහිව සහ රෝගීන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය ඊයේ (24) සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙත්සමක් භාර දුන්නේ ය.
ජනමාධ්‍යයන් වෙත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කරන්නේ පසුගිය සෙනසුරාදා දිනයේයි.
මර්දනයට එරෙහිව සහ රෝගීන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය ඊයේ (24) කොළඹදී මෙම චක්‍රලේකයට විරෝධය පළ කරමින් පෙත්සමක් අත්සන් කරනු ලැබීය.
මෙම සංවිධානයට සෞඛ්‍ය වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ඇතුළත් ය.
පසුව පිරිස පා ගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත ගොස් එම පෙත්සම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දී තිබුණි.


ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ