ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොහොට්ටුවට එක්වූ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර තිබෙනවා.
ඒ මහතා පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා අතින් එම පත්වීම් ලිපිය බාරගෙන ඇති බව සඳහන්.
ලබන පස් වෙනිදා බිංගිරිය පොහොට්ටු අසන බල මණ්ඩලය පිහිටුවීමෙන් අනතුරුව ඔහු නිල වශයෙන් ආසනයේ වැඩ කටයුතු සිදුකරන බව ඇමතිවරයා බිංගිරිය කරව්වැව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සඳහන් කළා.
ඊට අමතරව සෑම සදුදා දිනකම අමාත්‍යවරයාගේ මහජන දිනය බිංගිරිය ප්‍රාදේශීය සභාවේදී සහ උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේදී පවත්වන බවත් ඔහු කියා සිටියා.
මිට පෙර බිංගිරිය ආසනයේ පොහොට්ටු සංවිධායක ලෙස කටයුතු කලේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය මුණිදාස ප්‍රේමචන්ද්‍ර මහතාගේ සොහොයුරෙකු වන වයඹ පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලක මහතායි.


ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ