මැඩගස්කරයෙන් පිටුවහල් කිරීමෙන් පසු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාතාල ප්‍රබලයකු වන සෙල්ලප්පෙරුමගේ සලිඳු ගුණරත්න හෙවත් “කුඩු සලිඳු”ගෙන් රුපියල් මිලියන 130 ක් ඉල්ලා සිටි බවට සැක කෙරෙන පොලිස් නිලධාරියෙකු සම්බන්ධයෙන් වහාම විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
මෙම සැකකරු විදේශයක සිට මෙරට අපරාධ මෙහෙයවූ බවට වන චෝදනා හේතුවෙන් අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ රඳවා විමර්ශන කටයුතු සිදු වන බව වාර්තා වෙනවා.
කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, සැකකරුවන් නිරීක්ෂණය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය විට සලිඳු ගුණරත්න විසින් ලබා දුන් රහසිගත ප්‍රකාශයකින් පසුවයි.
තමන් රඳවා සිටින අංශයේ සිටින මෙම පොලිස් නිලධාරියා තමාගෙන් පසුගිය මැයි 31 වැනිදා මුදල් ඉල්ලා සිටි බවත් ඒ බව තමන් රඳවා සිටින අංශය භාර නිලධාරියාට දැනුම් දුන් බවත් සලිඳු ගුණරත්න එකි ප්‍රකාශයේදී පවසා තිබෙනවා.


ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ