ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා.
ලෝක වෙළඳපොළේ ගෑස් මෙටිරක් ටොන් එකක මිල ඉහළ ගොස් ඇති බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.
වසරේ මේ දක්වා අවස්ථා 04 කදී ගෑස් මිල සංශෝධනය වූ අතර ඒ සෑම අවස්ථාවකදීම මිල අඩු කෙරුණා.
අවසන්වරට ගෑස් මිල පහත දමනු ලැබුවේ පසුගිය මස 04 වනදායි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12 යි දශම 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204 කින් අඩුවූ අතර මේ වන විට එම සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 2,982ටයි.
එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83 කින් අඩුවූ අතර මේ වන විට එම සිලින්ඩරය රුපියල් 1,198 කට අලෙවි වනවා.
කිලෝග්‍රෑම් 2 යි දශම 3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 37 කින් අඩුවී මේ වන විට අලෙවි වන්නේ රුපියල් 561ටයි.


ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ