වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ජල මූලාශ්රවල ජල ප්‍රමාණය වියළි කාලගුණයත් සමග ක්‍රමයෙන් අඩුවන බැවින්,පානීය ජලය බෙදාහැරීමේදී ගැටලුවක් ඇති නොවීම සඳහා මහවැලි, වාරිමාර්ග අංශ සමග සාකච්ඡා කර ජලය සපයාගෙන ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (සාමූහික සැලසුම්) ලසන්ත වීරසේකර පැවසීය.
පානීය ජලය සැපයීම සම්බන්ධයෙන් විශාල ගැටලු තත්ත්වයක් තවමත් ඇතිවී නොමැති බවත්, මණ්ඩලයෙන් සපයන පානීය ජලය වාහන සේදීම, මල් ඇතුළු පැළවලට යෙදීමට භාවිත නොකරන ලෙස ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසුවේය. එමෙන්ම, ස්නානය කිරීම ආදී කටයුතුවලදී වතුර මල් (ෂවර්) හෝ නිවස ආසන්නයේ ගංගා, ඇළ දොළ ඇත්නම් එම ස්ථාන භාවිත කිරීම නිසා පානීය ජලය පිරිමසා ගතහැකි බවද ඔහු සඳහන් කළේය. ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම නිසා ගෘහස්ථ ජල බිල වූවත් අඩුකර ගැනීමේ හැකියාව පවතින බවත් අතිරේක සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් කීවේය.


අද කාලගුණය
නේපාලයේ විපතින් දින හතරකට පසු සුන්බුන් අතරින් ජීවය ලැබු හත් හැවිරිදි දියණිය
22ට එරෙහිව මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙකුගෙන් පෙත්සමක්
හිටපු ඇමති රවී අද අල්ලස් කොමිසම හමුවට
කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්
ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල