Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා ටෙලිකොම් අයිති කරගන්න අම්බානි, අලිරාජා ඇතුළු තිදෙනෙක් සටනක

2 years ago

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාදාමය යටතේ එහි කොටස් ආයෝජනය සඳහා සුදුසුකම් ප්‍රකාශ කළ සමාගම් තුනක් සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය විසින් ඇගයීම් සිදු කිරීමට නියමිතය.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ මෙම සමාගමේ රජය සතු කොටස් සඳහා ආයෝජනය කිරීමට සුදුසුකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය පසුගිය සිකුරාදා (12දා) අවසන් වූ අතර ඒ අනුව ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝම්ස් සමාගම, ෆෝචූන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් සමාගම් සහ පෙටිගෝ කොමසියො ඉන්ටර්නැෂනල් නමැති ආයතන ත්‍රිත්වය අදාළ සුදුසුකම් ප්‍රකාශ කිරීමේ ඉල්ලුම් පත් යොමු කර ඇති බව ව්‍යාපාර ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙයින් ඉන්දියානු ජියෝ ප්ලැට්ෆෝම්ස් සමාගම ඉන්දියාවේ ප්‍රබලතම ව්‍යවසායක පවුලක් වන මුකේෂ් අම්බානි පවුලට අයත් රිලයන්ස් සමාගමේ හිමිකාරීත්වය යටතේ පවතින ආයතනයක් වන අතර පෙටිගෝ කොමාෂියෝ ආයතනයේ හිමිකාරීත්වය දරන්නේ දැනට ස්වර්ණවාහිනිය ඇතුළු ඊටීවී මාධ්‍ය ජාලයේ හිමිකාරීත්වය දරන අල්ලිරාජා සුබාෂ්කරන්ට හිමි ලයිකා මොබයිල් ව්‍යාපාරයයි. මෙම සමාගම්වලට අමතරව ෆෝචූන් ග්ලෝබල් නමැති සමාගමක්ද සිය සුදුසුකම් ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *