අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ඝාතනය කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ ශරීරයේ තිබී උණ්ඩ අටක් හමුවූ බව ඊයේ (09) දින නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබෙන බවට වාර්තා වනවා.
හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රනීත් සෙනෙවිරත්න මහතා විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබුණා.
එයින් උණ්ඩ තුනක් ඔහුගේ හිසෙහි වැදී තිබියදී සොයා ගත් බවත් අනෙක් උණ්ඩ පහ පපුවේ සහ උදරයේ තැනින් තැන තිබී හමු වූ බවත් එම වාර්තාවේ සඳහන් වනවා.
හිසට සහ ඉනෙන් ඉහල ප්‍රදේශ වලට වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බවට හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී ප්‍රනීත් සෙනෙවිරත්න මහතා විසින් නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන්.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව දේහය ඥාතීන් වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා.



අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !