මැතිවරණ කොමිෂන් සභාව ඉතා වැදගත් යන සිරස්තලය යටතේ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මෙම චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සියලු රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපති හා සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු සියලු රාජ්‍ය ප්‍රධානීන් වෙත යොමු කර ඇත.
ජනාධිපතිවරණ කාල සීමාව තුළ රජයේ දේපළ අනිසි භාවිතය වැළැක්වීමට මෙන්ම රාජ්‍ය සේවයේ නව පත්වීම් ලබාදීම, ස්ථාන මාරු ලබා දීම ආදී කරුණුවලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහන් කරමින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
රාජකාරි වේලාව තුළ රජයේ නිලධාරින්ට පෞද්ගලික සමාජ ජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතු වන යම් ප්‍රචාරණයක් හෝ ප්‍රකාශයක් සිදු කිරීම බරපතළ වරදක් බවත් එවන් පුද්ගලයන් වසර 3ක සිරදඬුවමකට යටත් කිරීමට හෝ රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් නියම කිරීමට හෝ මේ දඬුවම් දෙකටම යටත් කිරීමට හෝ හැකි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් විශේෂ චක්‍ර ලේඛයක් මඟින් දක්වා තිබේ.
දේශපාලන අයිතිවාසිකම් හිමි රජයේ නිළධාරීන්ටද මෙම නිර්ණායක බලාත්මක වන බව එම චක්‍රලේඛයේ සඳහන්.
රාජ්‍ය සේවකයන්ට අමතරව මෙම චක්‍රලේඛය සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථා පිත මණ්ඩල සේවක සේවිකාවන්ට ද අදාළ වනු ඇත.
එම චක්‍රලේඛය සඳහා මෙතනින් පිවිසෙන්න



ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ