ජූනි මාසයට පෙර බලපත්‍රලාභී බැංකුවල ස්වර්ණාභරණ උකස් කර රුපියල් 100,000 දක්වා මුදල් අත්තිකාරම් ලබාගෙන ඇති අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා රජය පොලී සහනාධාරයක් හඳුන්වා දී ඇති බව මහා භාණ්ඩාගාරය පවසයි.
ඒ අනුව නිකුත් කර ඇති චක්‍රලේඛයේ දැක්වෙන්නේ රුපියල් 100,000 දක්වා උකස් අත්තිකාරම් සඳහා භාණ්ඩාගාරය පොලී සහනාධාරයක් ගෙවනු ඇති බවයි.
භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව එක් ගනුදෙනුකරුවකුට එම බැංකුවෙන් ලබාගත් උකස් අත්තිකාරම් ගණන නොසළකා රුපියල් 100,000ක උපරිම උකස් අත්තිකාරම් එකතුවකට මෙම ප්‍රතිලාභය ලබා ගත හැකිය.
බැංකුවල ස්වර්ණාභරණ උකස් කර ඇති පුද්ගලයන්ට සහන සැලසීම පිළිබඳ ඇමැති මණ්ඩල සංදේශ අංක 24/1433/604/158 අනුව ජුලි 22 වැනිදා ගත් කැබිනට් තීරණයකට අනුව මෙම පොලී සහනාධාරය හඳුන්වා දී තිබේ.
රාජ්‍ය බැංකු 5ක සාමාන්‍යාධිකාරීවරුන් සහ පෞද්ගලික බැංකු 12ක ප්‍රධාන විධායක නිලධාරීන් වෙත යොමු කරන ලද චක්‍රලේඛයේ සඳහන් වන්නේ භාණ්ඩාගාරයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් අදාළ බැංකු වෙත වසරකට සියයට 10ක උපරිමයකට යටත්ව පොලී සහනාධාරයක් ගෙවන බවයි.
“අදාළ බැංකු පොලී අනුපාතය වසරකට සියයට දහයකට වඩා වැඩි නම්, පොලී සහනාධාරය වසරකට සියයට දහයක් වන අතර අදාළ බැංකු පොලී අනුපාතය සහ පොලී සහනාධාර අතර වෙනස පාරිභෝගිකයා විසින් ගෙවිය යුතුය” යනුවෙන් චක්‍රලේඛයේ සඳහන් වේ.
පොලී සහනාධාරය ලබා දෙන්නේ අගෝස්තු 1 සිට 2026 ජූලි දක්වා උපරිම වසර දෙකක කාලයක් සඳහා පමණි.



ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ