බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ගල්කඩේ හන්දිය ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.
අදාළ බස් රථය මාර්ගයේ දකුණු පසින් ඉවතට පැන බස් නැවතුම්පළේ සිටි පුද්ගලයින් තිදෙනෙකු යට කරමින් වෙළෙඳසැලකට කඩා වැදී ඇති බව සඳහන් වනවා.
අනතුරින් මියගොස් ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45-55 පුද්ගලයෙක්.
බණ්ඩාරගම ප්‍රදේශයේ විහාරස්ථානයක ඉදිකිරීම් කටයුත්තක් සඳහා අනතුරට පත් පුද්ගලයන් දෙදෙනා සහ තවත් පුද්ගලයකු ආපනශාලාවකින් දහවල් ආහාර ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
දවල් ආහාරය ගැනීමෙන් පසු එක් පුද්ගලයෙකු විටක් මිළ දී ගැනීමට පාරේ අනිත් පස ඇති කඩයකට ගිය සිටි අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි බස් රථය පිරිස යට කරගෙන වෙළඳසැලට කඩා වැදී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාව වන විට මස් වෙළඳසැල වසා දමා එය පවත්වාගෙන යන පුද්ගලයා නිවස කරා පිටත්ව ගොස් තිබූ හෙයින් ඔහුගේ දිවි අනූ නවයෙන් බේරී ඇතැයි පොලිසිය පවසනවා.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියදුරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී බස් රථය එකවරම දකුණට කැපුණු බවත් එම අවස්ථාවේ තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගුණ බවත් ප්‍රකාශ කළ බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.



ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ