වයස අවුරුදු 12ක් හා මාස පහක් වියැති බාලවයස්කාර දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනය කිරිම සම්බන්ධයෙන් දැරියගේ 40 හැවිරිදි සැකකාර පෙම්වතා ඊයේ (11) අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුලන නරාවල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. මෙම දැරිය ඇයගේ ආච්චි අම්මා විසින් හදාවඩා ගනු ලබන දැරියකි. සැකකාර දෙදරු පියා විසින් මෙම දැරිය සමග දැනට වසර එක හමාරක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.
දැරිය එම ප්‍රදේශයේ පාසලක හය වසරේ ඉගෙනුම ලබන අතර දැරියගේ පාසල් බැගයේ තිබි පෙම් හසුනක් විෂයභාර ගුරුවරියට හමුවි ඇත. පසුව මේ පිළිබද දැරියගේ ආච්චි දැනුවත් කිරිමට කටයුතු කර තිබු අතර ඇය දැරිය සමග පැමිණ පොලිසියට පැමිණිලි කොට තිබුණි.
මෙම දැරිය වසර එක හමාරක පමණ කාලයක සිට සැකකාර දෙදරු පියා විසින් වරින් වර ඇය බරපතල ලෙස ලිංගිකව අපයෝජනයකට ලක්කොට ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත. මෙම දැරිය අධිකරණ වෛද්‍ය පරික්ෂණයකට යොමුකොට තිබු අතර ඇය දුෂණයට ලක්ව ඇති බව වෛද්‍ය පරික්ෂණයේ දි අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.
සැකකරු අද (12) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ අතර අක්මීමන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
අක්මීමන එච් එම් සමන්

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා