Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඡන්ද පත්‍රිකාව සලකුණු කරගැනීමට සහායකයෙකු රැගෙන යා හැකි ආකාරය ගැන මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්

2 years ago

පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට (අශක්නුතාවය) පත්වූ ඡන්ද දායකයෙකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයෙකු කැටුව යා හැකි වන පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

එහෙත් එම කැටුව යන සහායකයා වයස අවුරුදු 18ට සම්පූර්ණ වූ අයෙකු වියයුතු අතර, එසේම ඔහු මෙම ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් නොවන්නෙකු විය යුතුයි.

එමෙන්ම එම සහායකයා මෙම ඡන්ද විමසීමේදී යම් අපේක්ෂකයෙකුගේ බලයලත් නියෝජිතයෙකු, ප්‍රාදේශීය නියෝජිතයෙකු හෝ ඡන්දපොළ නියෝජිතයෙක් වශයෙන් කටයුතු නොකරන්නෙක් විය යුතු බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.

යම් ඡන්ද දායකයෙක් සහායකයෙක් කැටුව යාම සඳහා ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ පනතේ පස්වන උපලේඛන මගින් හඳුන්වා දී ඇති යෝග්‍යතා සහතිකයක් අදාළ ඡන්දපොළෙහි නිලධාරීන්ට ඉදිරිපත් කළ යුතුයි.

එම යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

එසේ ලබාගත් ඉල්ලුම්පත සම්පූර්ණ කර ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත්කර සහතික කර අනතුරුව එය රජයේ වෛද්‍ය නිලධාරියෙක් වෙතා ඉදිර්පත්කර සහතික කරගත යුතුයි.

ඡන්දය සලකුණු කිරීමට යාමේදී ඡන්ද දායකයා සහ සහායකයා යන දෙදෙනාම ජාතික හැඳුනුම්පත හෝ ඡන්දපොළේදී පිළිගන්නා හැඳුනුම්පතක් රැගෙන යාම අත්‍යවශ්‍ය වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *