ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට තම පක්ෂය ගත් තීන්දුව ගැන තමා දැනුවත් නොමැති බව, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසනවා.
ඔහු පැවසුවේ ඊයේ(01) පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට තමාට සහභාගීවීමට නොහැකි වූ බවයි.
එම රැස්වීමේදී පක්ෂය සහාය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු සාකච්ඡා කරන ලෙසත් අවසන් තීරණයක් නොගන්නා ලෙසත් තමන් පක්ෂය දැනුවත් කළ බවයි ඔහු සඳහන් කරන්නේ.
එසේ තිබියදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බවට වූ ඒකපාර්ශවීය යෝජනාව මාධ්‍ය වෙත දැනුම්දීම සුදුසු නොවන ඔහු පැවසීය.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය එළබෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කරනු ලැබුවා.
වව්නියාවේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමේ දී මෙම තීරණය ගත් බව සුමන්තිරන් මහතා සඳහන් කළා.



අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !