පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුවරුන්ට සහන සැලසීම සඳහා කොන්දේසි වලට යටත්ව අදාළ ගුරුවරුන්ගේ ඉල්ලීම් සලකා බලා පහසු පාසැල් වෙත තාවකාලීක සේවා අනියුක්ත කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එහිදී අනුගමනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයා විසින් විශේෂ චක්‍ර ලේඛයක් මගින් පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම් දී ඇත.
ඒ අනුව මෙම තාවකාලික අනියුක්ත කිරීම් වලංගු වන්නේ මෙම වසරේ දෙසැම්බර් මස 31 වෙනිදා දක්වා පමණක් බවයි අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී ඇත්තේ.
එකම පළාත තුළ ඇති ජාතික පාසල් අතර සහ ජාතික පාසල් හා පළාත් පාසල් අතර ගුරුභවතුන්ට අනුයුක්ත කිරිම සඳහා අදාළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත බලය පවරනු ලබා තිබෙනවා. පළාත් දෙකක් අතර පළාත් සභා පාසල් ගුරු භවතුන් අනුයුක්ත කිරිම අදාළ පළාත් වල පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ අනුමැතිය මත සිදු කිරීමටද යෝජනා කරනු ලැබේ.
පළාත් අතර සිදුවන ජාතික පාසල්වලට අනුයුක්ත කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු) විසින් සිදුකරනු ඇත.
මෙම සියලු ගුරු මාරුවීම් පාසලේ ඉගෙනුම් ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි අදාළ පාසල් දෙකෙහි විදුහල්පතිවරුන්ගේ ලිඛිත එකඟතාවය මත පමණක් සිදුකළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දැනුම් දී ඇත්තේ.
මෙම ස්ථාන මාරුවීම් සිදුකිරීමේදී සපුරාලිය යුතු කොන්දේසි මාලාවක් ද අධ්‍යාපන ලේකම්වරයා විසින් හඳුන්වා දී ඇත.
එහිදී ඉල්ලුම් කරනු ලබන ගුරුභවතා අදාළ පාසලේ අතිරික්ත නම්, ඔහු හෝ ඇය වෙනුවෙන් අනුප්‍රාප්තිකයෙකු ලබා දීමේ අවශ්‍යතාවයක් නොමැත. ඉල්ලුම් කරන ගුරුවරයා පාසලේ අතිරික්ත නොවේ නම්, සුදුසු අනුප්‍රාතිකයෙකු ලබා දීමෙන් පසුව අනුයුක්ත කිරිම සිදුකළ යුතුය.
එමෙන්ම විදුහල්පතිවරුන්ගේ එකඟතාවය මත සුහද ස්ථාන මාරු වීම සිදුකරන ආකාරයටම එම පදනම මත සිදු කරන අනුයුක්ත කිරිම ද සලකා බැලිය යුතු බවයි අධ්‍යාපන ලේකම්වරයා විසින් නිකුත් කර ඇති ලිපියේ දැක්වෙන්නේ.

සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)
හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කරයි
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් චක්‍රලේඛයක්
ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පිහිටෙන් උපරිම ප්‍රයෝජන ගත් දේව්දත් පඩික්කල්
නොසිතූ මොහොතක සිදු වූ බිහිසුණු අනතුර සිසු ජීවිත දෙකක් උදුරා ගනී
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කරයි
ඕස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්
කෝටි හතක් වටිනා ගංජා තොගයක් සමඟින් කොටු වූ සැකකරු
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා