ඉන්ධන පෝලිමේ දින එකහමාරක් පමණ පෝලිමේ රැදී සිටි පුද්ගලයෙකු පපුව රිදෙන බව පවසමින් නිවසට පැමිණ රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම වෑවිට ගොරොක්ගස් හංදිය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ගයාන් ශසික පෙරේරා නැමැති 42 හැවිරිදි එක්දරු පියෙකි.
ඔහු පසුගිය 18 වන දින බණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම්හලක් වෙත ත්‍රීරෝද රථයකින් ගොස් ඇති අතර නිදිවර්ජිතව පෝලිමේ රැදී සිට පෙරේදා (19) පස්වරුවේ ඉන්ධන රැගෙන නිවසට පැමිණ පපුව රිදෙන බව පවසා ඇත.
ඉන්පසු ඔහු බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී කිසිදු ප්‍රතිකාරයක් නොකර හොරණ මූලික රෝහලට රැගෙන ලෙස පැවසීමෙන් අනතුරුව ඔහුව එම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
බණ්ඩාරගම දිසා රෝහලෙන් ඔක්සිජන් ලබා දුන්නේ නම් රෝගියාගේ ජීවිතය බේරාගැනීමට හැකියාව තිබූ බව මියගිය පුද්ගලයා පරීක්ෂා කල හොරණ රෝහලේ වෛද්‍යවරියක් ප්‍රකාශ කර තිබේ.
දේහය කළුතර බණ්ඩාරගම පාරේ වෑවිට නිවසේ තැන්පත් කර ඇති අතර අද (21) අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.
source – aruna

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්
ලෝක කුසලාන තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ දී ගංජා සුරුට්ටු ඇද්ද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයාට තහනමක්
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක්
අද කාලගුණය
මාතර ඩිෆෙන්ඩර් අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකුට බරපතළයි