වසර 30කට පසු මෙරට දී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියකින් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(21) සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලිය යටතේ අද පැවැති සිව්වැනි තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කරමින්.
ඒ අනුව තරගාවලිය මේ වන විටත් තරග 3-1ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගෙන අවසන්.
තරගය ජය ගැනීම සදහා ලකුණු 259ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාවට පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 254ක් පමණයි.
ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 3කට සීමා වුණේ ආරෝන් ෆින්ච් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට චාමික කරුණාරත්න සමත්වීමත් සමගයි.
මිචෙල් මාෂ් ලකුණු 26ක්, මර්නස් ලබුෂේන් ලකුණු 14ක්, ඇලෙක්ස් කෙරී ලකුණු 19ක් හා ට්‍රැවිස් හෙඩ් ලකුණු 27ක් රැස් කළා. ග්ලේන් මැක්ස්වෙල් එක් ලකුණකට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් දැවී ගියේ ලකුණු 99ක් ලබා සිටියදීයි. පන්දු 112කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත්.
කැමරන් ග්‍රීන් ලකුණු 13කට දැවී ගිය අතර, පැට් කමින්ස් පන්දු 43කින් ලකුණු 35ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් චාමික කරුණාරත්නගේ යෝකර් පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන් ඔහු දැවී ගියා.
පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා ලකුණු 39කට කඩුලු 2ක් ද, ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 40 කට කඩුලු 2ක් ද, චාමික කරුණාරත්න ලකුණු 19 කඩුලු 2ක් ද දවා ගත්තා. මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, වනිදු හසරංග එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 258ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 34 දී බිද වැටුණා. ඒ, නිරෝෂන් දික්වැල්ල එක් ලකුණකටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 14කටත්, පැතුම් නිස්සංක ලකුණු 13කටත් දැවී යාමත් සමගයි.
අනතුරුව සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 101(100)ක සබදතාවයක් ගොඩ නැගීමට ධනංජය ද සිල්වා හා චරිත් අසලංක සමත් වුණා. ධනංජය පන්දු 61කින් ලකුණු 60ක් රැස් කළා.
නායක දසුන් ශානක අවාසනාවන්ත ලෙස ලකුණු 4කට දුවද්දී දැවී ගියා. දුනිත් වෙල්ලාලගේ ලකුණු 19යි. චාමික කරුණාරත්න ලබා ගත්තේ ලකුණු 7ක් පමණයි.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 106කින් ලකුණු 110ක් ලබා ගත්තා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 10ක් සමගින්. වනිදු හසරංග පන්දු 20කින් නොදැවී ලකුණු 21ක් වාර්තා කළා.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු දෙකම අනවශ්‍ය ලෙස දුවද්දී දැවී යාම හේතුවෙන් ලකුණු 270 සීමාව පසු කර යාමට තිබූ අවස්ථාවක් ශ්‍රී ලංකාවට අහිමි වී ගියා. එලෙස දුවද්දී දැවී ගියේ ජෙෆ්රි වැන්ඩර්සේ හා මහීෂ් තීක්ෂණයි.
පන්දු යැවීමේ දී මැතිව් කුහ්නෙමන්, පැට් කමින්ස් හා මිචෙල් මාෂ් කඩුලු 2 බැගින් දවා ගත්තා.
source –

අද කාලගුණ නිවේදනය
හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාරයේදී ගැටෙයි! තුවාල ලැබූ පද්මේ රෝහලට!
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය