භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් තලවතුගොඩ ප්‍රදේශයේ පිණ්ඩපාත චාරිකාවක නිරත වෙමින් දානය ලෙස තමන්ට ලැබුණු ආහාර පාන ඒ අසල තෙල් පෝලිම්වල දින ගණන් රැඳී සිටි පිරිස් වෙත බෙදා දුන් පුවතක් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් පවතී.
මෙම භික්ෂූන් වහන්සේලා ජනතාව විසින් තමන්ට පූජා කළ ආහාරපාන තෙල් පෝලිම්වල සිටි අයට බෙදා දුන් බව එම පෝලිමක සිටි අයකු විසින් සිය මුහුණු පොතෙහි පළ කර තිබුණේ වීඩියෝ පටයක් ද සමඟිනි.
පණ්ඩුක සමරකෝන් නැමති ඔහු සිය මුහුණු පොතෙහි මෙසේ සටහන් තබා තිබිණි.
”පහල තියෙන වීඩියො එක අද උදේ ගත්තේ තෙල් පෝලිමේ ඉන්නකොට හාමුදුරුවෝ පිංඩපාතේ වඩිනවා තලවතුගොඩ පැත්තට. ඒ වෙලේ ලගපාත උන්වහන්සේලාට පූජා කරන්න දෙයක් තිබ්බේත් නැහැ. වාහනේට වෙලා ඉන්නකොට කව්ද වාහනේට තට්ට්ටු කළා. බලපුවම අර කලින් පිංඩපාතේ වැඩපු හාමුදුරුවන් .මම වාහනෙන් එලියට බැස්සම ආ මහත්තය කොහොමද මේව ගන්න කියල මුලින්ම යෝගට් එකක් දුන්නා. මම ළග කෑම තිබුණ නිසා එපා කියල කියල කීවත්. ගන්න ගන්න කියල වාහනෙන් තියල උන්වහන්සේ වැඩම කළා. ඒ හාමුදුරුවරුන් තමන්ගේ දානයට ලැබුනු දේවල් මේ විදියට දුන්නා. මට වැඩී අනික් අයට දෙන්න කියල කීවත් ගොඩක් හාමුදුරුවන් බිස්කට් එකක් හරි දීල ගියා”






සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)
හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කරයි
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් චක්‍රලේඛයක්
ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පිහිටෙන් උපරිම ප්‍රයෝජන ගත් දේව්දත් පඩික්කල්
නොසිතූ මොහොතක සිදු වූ බිහිසුණු අනතුර සිසු ජීවිත දෙකක් උදුරා ගනී
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කරයි
ඕස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්
කෝටි හතක් වටිනා ගංජා තොගයක් සමඟින් කොටු වූ සැකකරු
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා