Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජාංගණයේ හාමුදුරුවන්ගෙන් CIDයට පැමිණිල්ලක්

2 years ago

රාජාංගණයේ සද්ධාරතන හාමුදුරුවන් අද (05) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ මිහින්තලේ රජමහා විහාරාධිපති හිමි පූජ්‍ය වලවාහැඟුණු වැවේ ධම්මරතන හිමියන් විසින් සිදු කරන ලද දූෂිත ක්‍රියා 06ක් යටතේ පැමිණිලි ඉදිරිපත් කිරීමටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පිටතට පැමිණීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස තමන්ගේ ඡායාරූප ආදිය ප්‍රසිද්ධියේ පළ කරමින් ජාතිවාදය අවුස්සමින් අපහාස සිදු කරමින් සිටින බවත් තමන්ට දිගින් දිගටම චෝදනා එල්ල කරමින් සිටින බවයි.

මෙලෙස ව්‍යාජ පුවත් මවමින් රටේ ජනතාව වෙනුවෙන් කිසිදු ලාබ ප්‍රයෝජනයකින් තොරව සිය යූටියුබ් හරහා පැමිණීමට සිදුව ඇත්තේ වසර 76ක් කොල්ල කෑ රාජ්‍යයේ දූෂිත පාලකයින්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තමන් කිසිම දිනෙක මාලිමා රජයට දේශපාලනය නොකළ බවත් නමුත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය රටේ දූෂණ සියල්ලම අවසන් කරන බවත්එතෙක් ඉවසීමෙන් බලා සිටින ලෙසත් රාජාංගණයේ හිමියන් පවසනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *