හෙට දින (28) සිය සංගමයේ බස් රථ ධාවනය නොකරන බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටී.
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි ඔහු පවසන්නේ.
මේ අතර සමස්ත ලංකා බස් හිමියන්ගේ සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතාද පවසන්නේ පවතින ඉන්ධන තත්ත්වය මත හෙට දින බස් ධාවන කටයුතු අඩාල වන බවයි.
අද දිනයේද පෞද්ගලික බස් ධාවනය අඩු මට්ටමක පැවතීම හේතුවෙන් දිවයින පුරා ජනතාව මහාමාර්ග පුරා දැඩි අපහසුතාවයකට පත්ව සිටිනු දක්නට ලැබිණි.