Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අඩු පීඩන කලාපයේ නවතම තත්වය හා අද කාලගුණය

5 months ago 3 K

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයට අද (18) වනවිට දිවයිනට ඊසාන දෙසින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින්, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

මේ අතර ඌව සහ මධ්‍යම පළාත්වලත් රත්නපුර, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ද අපේක්ෂා කෙරෙනවා.

වයඹ සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *