හමුදාවේ සේවය කොට යුද සමයේ බෝම්බයකට අසව ආබාධියකට ලක් වු සොල්දාදුවකුට තම දෙපා අහිමි මව කරාපිටිය රෝහලට රැගෙන යෑමට ඉන්ධන ලබා නොදුන් දුක්මුසු පුවතක් සූරියවැව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
සූරියවැව ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ලබාගත් ලිපියක්ද සමග අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල වෙත ගොස් ඉන්ධන ඉල්ලා සිටි විට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කළ බව එම හිටපු නාවික ආබාධිත සෙබලා පවසයි.
ඹහු සූරියවැව, වල්සපුගල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කේ.ආර් ප්‍රියන්ත නම් නාවික හමුදාවේ සේවය කළ මෙම සෙබලා 2006 වසරේදී කොටි ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් ආබාධිත තත්වයට පත්ව සේවයෙන් ඉවත්ව ඇත.
මම රට වෙනුවෙන් වෙඩි ප්‍රහාරයට ලක්වුනු කෙනෙක්. අද මගේ අම්මාගේ තතුල් දෙකම කපලා මට අම්මව කරාපිටිය රෝහලට අරගෙන යන්න විදියක් නෑ. මම සූරියවැව ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ලියුමක් අරගෙන අම්මගේ වෛද්‍ය වාර්ථාත් අරගෙන ෂෙඩ් එකට ගියා. සූරියවැව ඕ.අයි.සී මහත්තයටත් කිවුවා. එතන හිටිය හමුදාවේ නිළධාරි මහත්තයකුටත් කිවුවා. කවුරුත් ගණන් ගත්තෙ නෑ. එච්චර තෙල් දෙන්න බෑ කිවිවා.
අපි රට වෙනුවෙන් දිවි පරදුවට තියල සේවය කරපු එක ගැන අද තේරුමක් නෑ කියල හිතෙනවා. ඔය හමුදාවේ මහත්තරුත් විශ්‍රාම ගියාම ඒ අයට සලකන්නෙත් මෙහෙම තමයි කියල මතක තියාගන්න යනුවෙන් ඔහු පැවසීය.
source – lankadeepa

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි