ඊයේ (11) දින සිට ක්‍රියාත්මක වන පරිදී මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් මධ්‍යසාර සහ දුම්වැටි මත සුරාබදු ඉහළ නැංවීය.
එම අනුව, මධ්‍යසාර කාණ්ඩ 9ක් සඳහා අය කෙරෙන බදු ඊයේ සිට සංශෝධනය කර තිබෙනවා.
නව බදු සංශෝධනත් සමඟ රුපියල් 3,580ක් වූ ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 102කින් ඉහළ යනවා.
ඒ, අනුව ගල් අරක්කු බෝතලයක නව මිල වන්නේ රුපියල් 3,682ක්.
එමෙන්ම රුපියල් 3,850ක්ව පවතින පොල් අරක්කු බෝතලයක මිල රුපියල් 109කි ඉහළ යන අතර එහි නව මිල වන්නේ 3,959ක් ලෙසටයි.
ඊට අමතරව පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 4,000ක්ව පැවති අතර, එහි මිල රුපියල් 109කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව අරක්කු බෝතලයක නව මිල වන්නේ රුපියල් 4,106ක්.
එමෙන්ම අති විශේෂ පරණ අරක්කු බෝතලයක රුපියල් 109කින් ඉහළ යන අතර, එහි නව මිල රුපියල් 4,359ක් දක්වා ඉහළ යනවා.
එමෙන්ම, සැර අඩු බියර් බෝතලයක් රුපියල් 30කින් වැඩිවන අතර, සැර වැඩි බියර් බෝතලයක් රුපියල් 40කින් වැඩි වේ.
තවද, දේශීයව නිපදවන විදේශීය විස්කි බෝතලයක මිල ද රුපියල් 100කින් ඉහළ යනු ඇත.
කෙසේ වෙතත්, විදේශීය මත්පැන් වර්ග ඒවායේ සැර ප්‍රමාණය අනුව මිල ඉහළ යයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්