Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය සේවක වැටුප් වැඩිවන ආකාරය ගැන උදාහරණ සහිත සරල විග්‍රහයක්

1 year ago

2025 අයවැය යෝජනා අනුව රජයේ සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් 15,750කින් ඉහළ නැංවෙයි.

එය මුලික වැටුපට එක් කෙරෙන්නේ 2027 වසර දක්වා අදියර තුනක් යටතේය.

ඒ අනුව රජයේ සේවකයෙකුගේ මූලික වැටුප මෙම වසරේදී අවම වශයෙන් රුපියල් 5,975කින් ඉහළ නැංවෙයි.

එසේම මෙතෙක් රාජ්‍ය සේවකයකුගේ වැටුපට එක් කර තිබූ රුපියල් 7,500ක දීමනාවද මෙම වසරේ අප්‍රෙල් මාසයේ සිට මූලික වැටුපට එක් කෙරේ.

ඒ අනුව දැනට රුපියල් 24,250ක අවම මූලික වැටුපක් ලබන රාජ්‍ය සේවකයකුට ඔහුට හිමි රුපියල් 15,750ක වැටුප් වර්ධකය හිමිවන්නේ මෙසේයි.

රුපියල් 15,750ක වැටුප් වර්ධකයට එක් කර තිබෙන දැනටමත් පවතින දීමනාව ඉවත් කළ විට ඔහුගේ මූලික වැටුපේ ශුද්ධ වැඩිවීම රුපියල් 8,250ක් වෙයි.

ඉන් රුපියල් 5,000ක මුදලක් 2025 අප්‍රේල් මස සිට මූලික වැටුපට එකතු කිරීමට නියමිතය.

එම රුපියල් පන්දහසට අමතරව ඉතුරු වර්ධකයෙන් 30%ක් එනම් රුපියල් 975ක්ද 2025 අප්‍රේල් සිට එම වැටුපට එක් කෙරේ.

ඒ අනුව රුපියල් 24,250ක අවම මූලික වැටුපක් හිමි රජයේ සේවකයෙකුගේ වැටුප මෙම වසරේ අප්‍රේල් මස සිට රුපියල් 5,975කින් වැඩිවෙයි.

වැටුප් වර්ධකයේ ඉතුරු ප්‍රමාණය 2026 සහ 2027 යන වසරවල ජනවාරි මාසවල අදියර දෙකකින් මූලික වැටුපට එක්කිරීමට යෝජිතයි.

මීට අනුරූපව රාජ්‍ය සේවක සෙසු වැටුප් තලවල මූලික වැටුප් වැඩිවීමද සිදුවෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *