මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ මහලේකම්වරු අතර හමුවක් අද (22) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධව කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවට ලක්ව ඇත.
එහිදි මැතිවරණය සඳහා වියදම් වන මුදල් සම්බන්ධව අවධානය යොමුව ඇති අතර එහිදී එක් එක් පළාත් පාලන ආයතන තුළ පිහිටා ඇති කොට්ඨාස තුළ වියදම් කළ හැකි මුදල් පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේදයක් තුළ වියදම් මුදල් තීරණය කිරීම පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබේ.
එමෙන්ම මැතිවරණය සඳහා ලබා දුන් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇති අතර එහිදී යම් යම් සුළු අඩුපාඩු හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇති නාමයෝජනා සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ.
ඒ සම්බන්ධව උසාවි මාර්ගයෙන් තීරණයක් ගැනීමට කටයුතු නොකර මැතිවරණ කොමිසම මැදිහත් වී එම සුළු අඩුපාඩු ඇති නාමයෝජනා පත්‍ර නිරාකරණය කර ගැනීම සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට අවධානය යොමු කරන ලෙස දේශපාලන පක්ෂ මහලේකම්වරුන් මෙහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්