වාහන ආනයනයේ දී මෙම වසර තුළ කිසිදු බදු සංශෝධනක් සිදුනොවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව වෙළෙඳෙපොළේ වාහන මිල ගණන්වල ද මෙම වසර තුළ වෙනසක් සිදු නොවනු ඇති බවය.
ඊයේ (24) රාත්‍රියේ විකාශය වූ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ප්‍රශ්නය – අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ වාහන අපි මේ වසර තුළ ආනයනය කරයි කියලා පුරෝකථනයක් තියෙනවා කියලා තමයි අපි හිතුවේ. ඒ හරහා බලාපොරොත්තු වන රුපියල් ආදායම එතකොට කොපමණක් ද?
“අපි බලාපොරොත්තු වෙන්නේ බිලියන 300 – 350යි අතර. අපේ ආර්ථික වර්ධනය සමඟම අපි දැන් අර wait and See කියලා කියනවා නේ. බලන් ඉන්නේ පොඩ්ඩක් මේක දැන්ම ඕඩර් කරනවා ද වාහනයක් කියලා. පස්සේ ඕඩර් කරනවා ද කියලා. යම් කෙනෙක් බලාපොරොත්තු වුණාට බදු අඩුවෙයි කියලා. එහෙම අඩුවෙන්නේ නෑ මේ අවුරුද්ද තුළ. අපේ IMF ගිවිසුම දැක්කානේ. ඒක තුළ තියෙනවා වාහන බදු මේ අවුරුද්ද ඇතුළත අඩුකරන්න බෑ.”