වාහන ආනයනයේ දී මෙම වසර තුළ කිසිදු බදු සංශෝධනක් සිදුනොවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව වෙළෙඳෙපොළේ වාහන මිල ගණන්වල ද මෙම වසර තුළ වෙනසක් සිදු නොවනු ඇති බවය.
ඊයේ (24) රාත්‍රියේ විකාශය වූ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ප්‍රශ්නය – අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ වාහන අපි මේ වසර තුළ ආනයනය කරයි කියලා පුරෝකථනයක් තියෙනවා කියලා තමයි අපි හිතුවේ. ඒ හරහා බලාපොරොත්තු වන රුපියල් ආදායම එතකොට කොපමණක් ද?
“අපි බලාපොරොත්තු වෙන්නේ බිලියන 300 – 350යි අතර. අපේ ආර්ථික වර්ධනය සමඟම අපි දැන් අර wait and See කියලා කියනවා නේ. බලන් ඉන්නේ පොඩ්ඩක් මේක දැන්ම ඕඩර් කරනවා ද වාහනයක් කියලා. පස්සේ ඕඩර් කරනවා ද කියලා. යම් කෙනෙක් බලාපොරොත්තු වුණාට බදු අඩුවෙයි කියලා. එහෙම අඩුවෙන්නේ නෑ මේ අවුරුද්ද තුළ. අපේ IMF ගිවිසුම දැක්කානේ. ඒක තුළ තියෙනවා වාහන බදු මේ අවුරුද්ද ඇතුළත අඩුකරන්න බෑ.”

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්