ආර්ථික අවස්ථා අත්පත් කර ගත හැකි දරුපරපුරක් බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.
ඇය සඳහන් කළේ, ලෝකයේ දැනුම අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා දරු පිරිස සූදානම් කිරීම මෙන්ම ආත්ම ශක්තියකින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බවය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව කියා සිටියාය.
“මම හිතන්නේ අධ්‍යාපනයේ අරමුණ පුළුල් විදිහට අපි හිතන්න ඕනේ. අධ්‍යාපනයේ එකම අරමුණ රැකියා වෙළෙඳපොළට සූදනම් කරන එක නෙමෙයි. අපි ගොඩක් අය හිතනවා පාසල හෝ විශ්වවිද්‍යාලය තුළ සෘජුවම රැකියාවකට පුහුණු වෙන්න ඕනේ කියලා. අපි අධ්‍යාපනය හදන්න ඕනේ රැකියා වෙළෙඳපොළට සපයන පුද්ගලයා ගැන හිතලා විතරක් නෙමෙයි සමාජයට අවශ්‍ය මොනවගේ කෙනෙක්ද කියන එක ගැන අපි හිතන්නත් ඕනේ. තමන් ගැන විශ්වාසය තියෙන, විශ්වාසයෙන් ඒක සමාජයට ගිහිල්ලා හොයාගෙන යන්න පුළුවන් දැනුම හොයාගෙන යන්න පුළුවන්, දැනුම අත්අපත් කරගන්න පුළුවන්, අන්න එහෙම පුද්ගලයෙක් තමයි අපේ මේ අධ්‍යාපන ක්‍රමය තුළ බිහිකරන්න පුළුවන් වෙන්නේ. එතකොට එළියට ගිහිල්ලා තව කවුරු හරි කොහෙද මට රැකියාවක් දෙන්න කියලා බලාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ රැකියා අවස්ථාව සහ ආර්ථිකයට සහභාගී වෙන්න පුළුවන් විදිහ හදාගන්න පුළුවන් කෙනෙක් තමයි අපි නිර්මාණය කරන්නේ.”

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !