උත්සව සමය තුළ වෙලදපොලේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි සුපිරි වෙළදසැල් 23 ක් වටලා නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම සුපිරි වෙළදසැල් අතරින් වෙළදසැල් 16 ක කල් ඉකුත් වූ භාණ්ඩ සම්බන්ධවත් සෙසු වෙළදසැල්වල විකිණීමට ඉදිරිපත්කර ඇති භාණ්ඩයන්හි මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවිකිරීම, පාරිභෝගිකයන් නොමග යැවීම සහ භාණ්ඩවල සදහන්කල යුතු තොරතුරු නොමැතිව විකිණීම යන වැරදි අනාවරණය වූ බවත් එම අධිකාරිය පවසයි.
පසුගිය වසරේ කළ විමර්ශනවලදී ජාල වශයෙන් පවත්වාගන යන සුපිරි වෙළදසැල් ශාඛා 172 කට එරෙහිව නඩු පැවරීම් සිදුකර ඇති අතර එහිදී වරදකරුවන් වීම නිසා එම ආයතන වලට රුපියල් ලක්ෂ 65 කට අධික දඩ මුදල් අධිකරණය නියම කළ බව කී එම අධිකාරිය වෙලදපොලේ කරන වැටලීම් වලදී සුපිරි වෙළදසැල්වලද වැටලීම් සහ විමර්ශන අඛණ්ඩවම සිදුකරන අතර ඉහත වැටලීම් වලදී අනාවරණය වූ සුපිරි වෙළදසැල් අතරින් 16 ක් පමණ ප්‍රසිද්ධ සුපිරි වෙළදසැල් ජාලවලට අයිති බවද සඳහන් කළේය.
සුපිරි වෙළදසැල් ද ඇතුළුව වෙළදපොලෙන් භාණ්ඩ මිලදීගැනීමේදී කල්ඉකුත්වීමේ දිනය ඇතුළු අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂාකරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා ඉල්ලා සිටින බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

අද කාලගුණ නිවේදනය
හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාරයේදී ගැටෙයි! තුවාල ලැබූ පද්මේ රෝහලට!
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය