රාජ්‍ය අංශයට අලුතින් සේවකයින් 30,000ක් බඳවා ගැනීමේ වැඩසටහන යටතේ උපාධිධාරීන් සහ තරුණ තරුණියන් 18,853 දෙනෙකු බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ රාජ්‍ය සේවයේ විවිධ ආයතනවල කාර්ය මණ්ඩල සඳහා අත්‍යවශ්‍ය බඳවාගැනීම සිදුකිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ නිර්දේශ මත පදනම්වයි.
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000 ක් පිරවීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.
ඒ අනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන “2025 අයවැය මඟින් යෝජිත රැකියා විරහිත උපාධිධාරින් සහ තරුණ තරුණියන් 30,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙල ” යටතේ නියමිත බඳවා ගැනීම පටිපාටි වලට අනුකූලව අයදුම්පත් කැඳවා එකී බඳවා ගැනීම් සිදු කිරීම පිණිස අදාළ අමාත්‍යාංශ විසින් කඩිනමින් පියවර ගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට