අද (12) ලොව රටවල් කිහිපයක WhatsApp පරිශීලකයින් යෙදුම භාවිතා කරන අතරතුර බිඳවැටීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී පරිශීලකයින් බොහෝ දෙනෙකුට තත්ව (Status) උඩුගත කිරීමට හෝ පණිවිඩ යැවීමට මෙන්ම, සමූහයන් තුළ පණිවිඩ හුවමාරු කරගැනීමට නොහැකි වූ බවට පැමිණිලි රැසක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම ගැටළුව මුලින්ම අද පස්වරුවේ වාර්තා වූ අතර, රාත්‍රී 8 ට පමණ නැවත මතු වූ බව තත්‍ය කාලීන ඇනහිටීම් නිරීක්ෂණ වෙබ් අඩවියක් වන DownDetector පවසනවා.