
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවතින මිල ගණන් යටතේ ඉන්ධන දීමනාව ලබා දීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ඒ සඳහා පසුගිය මාසයේ දී ගෙවීමට සිදු වී ඇති අමතර මුදල රුපියල් කෝටි තුනකට අධික බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.
වරින්වර ඉන්ධන මිල ගණන් වැඩි වුව ද හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ තීරණය මත මන්ත්‍රීවරුන්ට ඉන්ධන දීමනාව ලබා දුන්නේ ජනවාරි මාසයේ පැවති මිල ගණන් අනුව ය. ඒ අනුව මන්ත්‍රීවරයකුට ඉන්ධන ලීටරයක් වෙනුවෙන් ගෙවන ලද මුදල රුපියල් එකසිය විස්සකි. නව තීරණය අනුව පවතින මිල යටතේ ලීටරයකට ගෙවන මුදල රුපියල් හාරසිය පනහක් වෙයි.
කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරුන්ට මාසිකව හිමි වන ඉන්ධන ප්‍රමාණය ලීටර් දෙසිය අසූවක් වන අතර ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි මන්ත්‍රිවරුන්ට ලීටර් තුන්සිය පනහක් ලැබේ. කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, ගාල්ල හා මහනුවර යන දිස්ත්‍රික්කයන්හි මන්ත්‍රිවරුන්ට ලීටර් හාරසිය විස්ස බැගින් ද මාතලේ, මාතර, නුවරඑළිය හා පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි මන්ත්‍රිවරුන්ට ලීටර් හාරසිය අනූව බැගින්ද හිමි වෙයි.
එමෙන්ම පොලොන්නරුව, හම්බන්තොට, බදුල්ල, වවුනියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි මන්ත්‍රීවරුන්ට ලීටර් පන්සිය හැටක් ද මුලතිව්, මඩකලපුව, මන්නාරම, දිගාමඩුල්ල හා යාපනය යන දිස්ත්‍රික්කයන්හි මන්ත්‍රීවරුන්ට ලීටර් හයසිය තිහක් ද වශයෙන් ඉන්ධන පහසුකම් ලැබේ. ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින මන්ත්‍රිවරයකුට හිමි වන ලීටර් ප්‍රමාණය හාරසියයකි.
මාසයේ පළමු වැනිදා පවතින මිල අනුව අදාළ ලීටර් ප්‍රමාණය සඳහා වැය වන මුදල ගණන් බලා මාසය අවසානයේ මන්ත්‍රී වැටුපට දීමනාව එකතු කෙරේ.
ඉන්ධන මිලවැඩි වීමට සාපේක්ෂව දීමනාව වැඩි නොකිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතැම් මන්ත්‍රිවරු සිය විරෝධය ද පළ කර තිබිණි.
අරුණ (නිලන්ත මදුරාවල)


අද කාලගුණ නිවේදනය
හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාරයේදී ගැටෙයි! තුවාල ලැබූ පද්මේ රෝහලට!
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය